Monday, May 12, 2014
බූට් කරමු පෙන්_එකෙන්.....
Do you like this story?
ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..


මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න
මේ තියෙන්නේ අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම

ඔන්නලින්ක් එක..
DOWNLOAD
මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පෙන් එකේ වැඩ කරන විදිහට අපි හදා ගන්නේ..
1. මුලින්ම ඇප් එක බාගෙන ඕපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..

පෙන් එක ගහලම ඔපන් කරොත් වැඩේ ලේසි මොකද ඒ ඇප් එකෙන් එයාම අදුර ගන්නවා ගහල තියෙන පෙන් එක..
ඔන්න එතකොට මෙහෙම එවි..
ෆොර්මැට් කරන්න ඔනෙ නම් එතනම තියෙනවා Quick Format කියලා ඔප්ශන් එකක්..

2. හරි.. දැන් අපි අපිට අවශ්ය පෙන් එක තෝර ගත්තනේ..
දැන් ඉතින් අපේ තියෙන Image(.iso) ඒක තියෙන තැන අපි දෙන්න ඕනෙ ඒකට ඔය දකුනු පැත්තෙන් තියෙන්නේ Drop Source Or Click කියන තැන Click කරන්න..අන්න එතනින් ඊටපස්සේ තමන්ගෙ ඒ Image File එක තෝරලා ඔපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..

Image එකක් නෙමේ නම් අපේ සෙටප් තියෙන ෆෝල්ඩර් / නැත්තම් රොම් එක සෙලෙක්ට් කරලා කෙලින්ම ඩ්‍රැග් කරලා අර Drop Source Or Click කියන තැන අත් අරින්න. එතකොට එයා ඔටෝ ගානට වැඩේ කරාවි..





3.ඔන්න ඊටපස්සේ ඒ ටික කරාට පස්සේ..
පල්ලෙහා තියෙන DO it! කියන එක ක්ලික් කරලන්න එතකොට ඒ ඇප් එකෙන් පෙන් එකට කොපි වෙන වැඩේ පටන් ගන්නවා..

4.ඊටපස්සේ ඔක්කෝම වැඩ ටික ඉවර වුනාම මෙන්න මෙහෙම ඒවි..
පල්ලෙහා තියෙන Thanks! කියන තැන ක්ලික් කරලා exit වෙන්න..

ඔන්න ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් අපිට පෙන් එකෙන් බූට් කරලා වින්ඩොව්ස් දාගන්න පුලුවන්..
ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “බූට් කරමු පෙන්_එකෙන්.....”
Post a Comment