Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 15, 2014

IMEI අංකය

කෙනෙක්ගෙ ජාතික හැදුනුම්ත් අංකය තවත් අයෙක්ට තියෙන්න බැහැනේ.ඒ වගේම තමයි මේ IMEI අංකයත් එක් දුරකථනයක ඇති IMEI අංකයක් තවත් දුරකථනයක තියෙන්න බෑ.IMEI අංකය කියන්නෙ දුරකථනයේ අනන්‍යතාව තහවුර කරන සාධකය.මේක අන්තර්ජාතික වශයෙන් පිළිගත් දෙයක්.ජංගම දුරකථන [ GSM, WCDMA ] සහ චන්ද්‍රිකා දුරකථන ආදී සෑම දුරකථනයකම එයටම වෙන්වූ IMEI අංකයක් තියෙනව.මෙම IMEI අංකය දුරකථනයේ බැටරිය ගැලවූ පසු දැකගන්න පුළුවන්.නැතිනම් *#06# ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්.
IMEI අංක‍යෙ ඇති වැදගත්කම තමයි එම අංකය දැන සිටීමෙන් දුරකථනය නැතිවූවිටෙක නීතිමය පියවර ගන්න ඒක බොහොම ප්‍රෙයෝජනවත් වෙනව.ඒ වගේම එවැනි අවස්ථාවක Mobile Providers ආයතන වලට IMEI අංක‍ය ලබා දී දුරකථනය අක්‍රීය කරන්නත් පුළුවන්.ඒ වගේම ඔබේ දුරකථනය ව්‍යාජය එකක්ද කියල දැනගන්නත් IMEI අංක‍යෙන් පුළුවන්.එවැනි සේවා සපයන වෙබ් අඩව් ගණනාවක් තියෙනව.මේ එවැනි එක් අඩවියක්.http://www.numberingplans.com/ තවත් IMEI අංක‍ය ප්‍රෙයෝජනවත් වෙනව දුරකථනයක් Unlock කරන්න යන අවස්ථාවෙදිත්.
මේ වගේම වැදගත් තවත් කාරණයක් තමයි ප්‍රමිතියකින් තොරව නිපදවන ඇතැම් චීන දුරකථන වල IMEI අංක‍ය ඇතුලත්වන්නේ නෑ.එවැන් දුරකථන වලින් සේවා ලබාගැනීමේදී බොහෝ අපහසුතාවයන් වලට ලක් වීමට පරිශීලකයාට සිදුවෙනව.මෙවැනි IMEI අංක‍ය රහිත දුරකථන භාවිතය ශ්‍රී ලංකාව ඇතුලු ඇතැම් රටවල් මේ වන විට තහනම් කර තිබෙනවා.

0 Responses to “IMEI අංකය ”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka