Thursday, May 15, 2014
Transfer Jet තාක්ෂණය
Do you like this story?
කිට්ටුවෙන් තබන උපකරණ අතර වයර්ලස් තාක්ෂණයෙන් දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස Transfer Jet තාක්ෂණය හදුන්වන්නට පුළුවන.එනම් Transfer Jet තාක්ෂණයේදී දත්ත හුවමාරු කල හැක්කේ උපරිම 3 cm තරම් දුරක් පමණක් වන බැවිනි.නමුත් මෙහිදී අනෙක් වයර්ලස් තාක්ෂණයන්ට වඩා වෙනස්කම් දෙකක් ඇත එකක් නම් මෙසේ දත්ත හුවමාරු කරන වේගය අනෙක් ඇතැම් තාක්ෂණයන්ට වඩා වැඩි නිසාය.අනෙක නම් Transfer Jet තාක්ෂණයෙන් දත්ත හුවමාරු කිරීමේදී උපාංග දෙකක් අතර දුර 3 cm නම් එහිදී දත්ත හුවමාරු වේගය 375 Mbps වේ නමුත් මෙම උපකරණයන් දෙක ස්පර්ශ කල හොත් දත්ත හුවමාරු වේගය 560 Mbps දක්වා වැඩිවේ.එනම් උපාංග වඩාත් කිට්ටුවෙන් තබනා විට වඩාත් වැඩි දත්ත හුවමාරු වේගයක් ලබාගත හැකිවීමයි.
Transfer Jet තාක්ෂණය අයත් වන්නේ CPWT [ Close Proximity Wireless Technology ] නම් තාක්ෂණ කාණ්ඩයටය.මෙහිදී Transfer Jet තාක්ෂණය අනෙක් වයර්ලස් තාක්ෂණයන්ට වඩා වෙනස් වන මූලික ගුණාංග තුනක් ඇත.
පළමුවැන්න නම් භාවිතයට පහසුවීමයි.එනම් Transfer Jet තාක්ෂණය භාවිතා කරන්නට අනෙක් තාක්ෂණයන් වලදී මෙන් විශේෂිත උපකරණ තිබිය යුතු වන්නේ නැත, එමෙන්ම වයිමැක්ස් සහ වයිෆයි තාක්ෂණ වලදී මෙන් ආවරණ කලාපයක සිටිය යුතු වන්නේද නැත.Transfer Jet තාක්ෂණය සහිත උපකරණ දෙකක් ඇත්නම් මෙම තක්ෂණය භාවිතා කරන්නට එය හොදටම සෑහේ.
දෙවැන්න නම් Transfer Jet තාක්ෂණයේ ඇති කාර්යක්ෂමතාවයයි.මෙහිදී භාවිතා වන්නේ පුලුල් පරාස වයර්ලස් තාක්ෂණයකි.එහිදී දත්ත හුවමාරු වෙන්නේ සාමාන්‍යය රේඩියෝ තරංග මගිනි.මෙහිදී සංඛ්‍යාතය 4.48 GHz තරම් වේ.මේ හේතුවෙන්ම Transfer Jet තාක්ෂණයේදී දත්ත හුවමාරු වේගය ඉතාමත් වැඩිය.එනම් පෙර සදහන් කල පරිදිම උපාංග දෙකක් අතර දුර 3 cm නම් එහිදී දත්ත හුවමාරු වේගය 375 Mbps වේ නමුත් මෙම උපකරණයන් දෙක ස්පර්ශ කල හොත් දත්ත හුවමාරු වේගය 560 Mbps දක්වා වැඩිවේ.එමෙන්ම Transfer Jet තාක්ෂණයෙන් දත්ත හුවමාරු කරනා විට අනෙක් වයර්ලස් නෙට්වර්ක් ඇත්නම් ඒවාට බාදාවක් වන්නේ නැත.ඒ Transfer Jet තාක්ෂණයේදී තම බලය ව්‍යාප්ත කරන්නේ 3 cm තරම් වපසරියකට වන නිසාය.
Transfer Jet තාක්ෂණයේ ඇති තෙවැනි ගුණාංගය නම් දත්ත හුවමාරුවේදී ඇති ආරක්ෂාකාරී බවයි.එනම් Transfer Jet තාක්ෂණය භාවිතයෙන් යම් උපකරණයක් දත්ත ලබාගන්නවා නම් දත්ත ලබාගත හැක්කේ අනෙක් උපකරණය විසින් එය අනුමත කල හොත් පමනි.මේ හේතුවෙන් Transfer Jet තාක්ෂණයේදී බ්ලූටූත් වලදීමෙන් දත්ත සොරාගන්නට ක්‍රම නැත.එමෙන්ම Transfer Jet තාක්ෂණයේදී ස්වාභාවයෙන්ම ආරක්ෂාවන ක්රමයක්ද ඇත එනම් Transfer Jet තාක්ෂණයේ වයර්ලස් දත්ත හුවමාරු හැකියාව 3 cm වන නිසා යම් අයෙක්ට මෙහිදී දත්ත සොරාගැනීම තරමක් අසීරු කාර්යකි.
මෙම හේතූන් නිසා Transfer Jet තාක්ෂණය දත්ත හුවමාරුකිරීමට වඩාත් හොද තාක්ෂනයක් ලෙස හදුන්වන්නට පුළුවන.මෙය වැඩිපුර භාවිතා වන්නේ පුද්ගලිකව දත්ත හුවමාරුකිරීම සදහාය.
මෙම Transfer Jet තාක්ෂණය 2008 වර්ශයේදී සෝනි සමාගම විසින් සොයාගන්නා ලදී.ඉන් පසුව එම වසරේදීම Transfer Jet තාක්ෂණය දියුණු කරන්නටත් එහි ප්‍රමිතිය රැකගන්නටත් සෝනි සමාගමේ මූලිකත්වයෙන් හිතාචි, කැනන්, ටොෂීබා, කොඩැක්, සැම්සුන්ග්, පයනියර්, ෂාප්, සීකෝ සහ නෙක් ඇතුලු සමාගම් 18 ක එකමුතුවෙන් Transfer Jet Consortium බිහිවිය.

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “Transfer Jet තාක්ෂණය ”
Post a Comment