Wednesday, May 7, 2014
ඕනෑම Android එකක් එකපාරින් Root කරගන්න
Do you like this story?

ඕනෑම Android Device එකක් බොහොම ලේසියෙන් Root කරගන්න ආකාරය
*** මේකෙන් වෙන දේ තනිකරම ඔයාගෙ වගකීමක්. ඒ වගේම මතක තියාගන්න Root කිරීමෙන් Device එකෙ Warranty එක අවලංගු වෙනවා.
ඔයාලට මේ වැඩේ සඳහා ඩවුන්ලෝඩ්ස් දෙකක් කරන්න වෙනවා.
1. ADB Drivers Install කිරීම සඳහා Software එක - 9mb (Device එක සමග එන Software එක Install කළා නම් හරි කළින් ADB Drivers Install කරලා තියෙනවා නම් ඕනෙ නෑ.)
DOWNLOAD
2. Root කිරීම සඳහා අදාළ Software එක - 11mb
DOWNLOAD (For Microsoft Windows)
DOWNLOAD (For Other OSs)
බලමු අපි මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා. (Battery 50% වත් තියෙද්දි මේක කරන්න.)
a) මුළින්ම Device එකේ USB Debugging ඔන් කරගන්න ඕනෙ. ඒ සඳහා Settings වල Developer Options වලට ගිහින් USB Debugging ඉස්සරහ ටික් එකක් දාන්න.
b) දැන් Device එක PC එකට Connect කරන්න. (USB Cable එකෙන්)
c) දැන් ඩවුන්ලෝඩ් කරගත්ත 'AdbDriverInstaller' ඕපන් කරන්න. ඔයාගෙ Device එක පෙන්නාවි. Install ක්ලික් කරන්න. Warning Message එකක් ආවොත් 'Install This Driver Anyway' දෙන්න. Install වුණා නම් මෙහෙම පෙන්නාවි. (කළින් කිව්වා වගේම ADB Drivers කරලානම් තියෙන්නේ මේ part එක කරන්න එපා.)
d) දැන් ඩවුන්ලෝඩ් කරගත්ත 'Impactor_0.9.14.Zip' කියන ෆයිල් එක Extract කරලා ඒක ඇතුළේ තියෙන 'Impactor.exe' කියන එක ඕපන් කරගන්න. මෙහෙම පෙන්නාවි.
e) දැන් Start දෙන්න. Processes ටිකක් ගිහින් Success Message එකක් ඒවි. දැන් ඔයාගෙ Device එක Root වෙලා ඉවරයි. :D
ඒත් අන්තිම වැඩක් තියෙනවා කරන්න. ෆෝන් එකට Super User Privileges use කරන්න Super User App එකක් දාගන්න එක. සාමාන්‍යයෙන් වෙන Rooting Method වල මේක Automatically වැටුණත් මේ ක්‍රමයේදී එහෙම වෙන්නෙ නෑ.
f) දැන් Google Play Store එකට යන්න. ඒකෙන් Super User කියලා Search කරන්න. දැන් එන App එකක් Install කරගන්න.

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)




0 Responses to “ඕනෑම Android එකක් එකපාරින් Root කරගන්න”
Post a Comment